?
30th November 2025 07:09:55 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ගේ මඟ පෙන්වීම යටතේ ඇතිවූ අයහපත් කාලගුණික තත්වය නිසා කන්දකාඩු නවෝදව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධි ගංවතුර හේතුවෙන් සිරවී සිටි රැදවියන් 299 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් 11 දෙනෙකු 2025 නොවැම්බර් 29 වන දින මුදවා ගන්නා ලදී.
මෙම මුදවාගත් රැදවියන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා තාවකාලිකව නව සේනපුර තෘතියික හා වෘතිතීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය වෙත යුධ හමුදාවට අයත් බස් රථ මගින් ආරක්ෂිතව රැගෙන ගිය අතර මෙම මුදවාගැනීමේ මෙහෙයුම සදහා 233 බලසේනාංකාධිපති, 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව හා ශ්‍රි ලංකා නාවික හමුදාවේ දායකත්වය ලබාදෙන ලදී.තවද මෙම රැදවියන් හා කාර්යමණ්ඩලය ගංවතුරෙන් මුදවා ගැනීම සදහා යුධ හමුදාවට අයත් WMZ සන්නද්ධ රථ හා නාවික හමුදාවට අයත් බෝට්ටු යාත්‍රා උපයෝගී කර ගන්නා ලදී.