?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th December 2025 10:33:13 Hours

ආසේමු (නැ) බලප්‍රදේශයේ ඇතිවු අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පිඩාවටපත්වු යුද්ධ හමුදා සමාජිකයින් සදහා වියළි සලාක මළු බෙදාදීම.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රිකය තුල ආපදාවට ලක්වු සක්‍රිය සේවයේ යෙදි සිටින සහ මියගිය යුද්ධ හමුදා සමාජිකයින් සදහා මෙම ආරක්‍ෂක සේනා මුලාස්ථාන ආඥපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ වියළි සලාක මළු බෙදාදීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 10 වන දින පවත්වන ලදී.

මෙම වැඩ සටහන සදහා ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම පල්ලේකුඹුර මැතිණිය හා ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහභාගි වන ලදි.