?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th December 2025 09:20:57 Hours

ආසේමු (නැ) බල ප්‍රදේශයේ ඇතිවු අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පිඩාවටපත්වු යුද්ධ හමුදා සමාජිකයින් සදහා වියළි සලාක මළු බෙදාදීම.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකය තුල පිහිටි කහවත්තමුණේයි සහ සෝමපුර ග්‍රාමයන්හි ආපදාවට ලක්වු සක්‍රිය සේවයේ යෙදි සිටින යුද්ධ හමුදා සමාජිකයින් සදහා මෙම ආරක්‍ෂක සේනා මුලාස්ථාන ආඥපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ වියළි සලාක මළු බෙදාදීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 11 වන දින පවත්වන ලදී.

මෙම වැඩ සටහන සදහා ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ පල්ලේකුඹුර මැතිණිය මෙන්ම යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ සියලු නිළයින් සහභාගිවන ලදි.