Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th July 2023 12:16:42 Hours

ආරුගම්බේ ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය 2023

ආරුගම්බේ සංවර්ධන සංසදය (ADF) විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන විසිට් ශ්‍රීලංකා යන තේමාව යටතේ 2023 ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය 2023 ජුලි මස 23 වන දින 242 පාබල බලසේනාවේ සහභාගීත්වයෙන් 21.1 km, 10 km, හා 5 km කාණ්ඩ තුනක් ලෙස වර්ගිකරණය කර ආරුගම්බේහිදි පවත්වන ලදි. මෙම තරගය සදහා දේශීය සහ විදේශීය තරගකරුවන් 220 ක් සහභාගි වු අතර, වැඩිහිටි පිරිමි/කාන්තා, කණිෂ්ඨ පිරිමි/කාන්තා වශයෙන් වර්ගීකරණය කර තාග්‍ය සහ සහතිකපත් ප්‍රධානය කරන ලදි. මෙම අවස්ථාව සදහා 242 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් කේපිඑල් අමුණුපුරේ ආර්ඩබිලිවිපි ආර්එස්පී යුඑස්පි, 14 ශ්‍රීලංසිරෙ අණදෙන නිලධාරි, 242 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.