Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd November 2024 09:49:23 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සිය 21 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අති උත්කර්ෂවත් ලෙස සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) 21 වන සංවත්සරය 2024 ඔක්තෝබර් 31 වන දින ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්විම මත වැඩසටහන් මාලාවක් සිදුකරමින් අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී.

21 වන සංවත්සර සැමරුම ආරම්භ වූයේ සර්ව ආගමික වතාවත් සිදුකරමින් ආරක්‍ෂක සේනා ධජයට ආශිර්වාදය පුද කරමිනි. ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සහ භඨපිරිස් විසින් 2024 ඔක්තෝබර් 28 වන දින උදෑසන මඩකලපුව ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ දී පවත්වන ලද විශේෂ දේව මෙහෙයට සහභාගී වූ අතර, ඉන් අනතුරුව කාත්තන්කුඩි අල්-අක්සා ජුම්මා පල්ලියේ සහ කල්ලඩි මුරුගන් කෝවිලේ උත්සව සඳහා සහභාගී වූහ. 2024 ඔක්තෝබර් 29 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) දි ස්වාමින් වහන්සේලා 25 නමක් සදහා දානමය පිංකම පැවැත්වීමත් සමග ආගමික වතාවත් අවසන් විය.

සංවත්සර දිනයේදී (2024 ඔක්තෝබර් 31) යුද්ධ හමුදා සම්ප්‍රධානුකුලව ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු මුරයක්ද අනතුරුව වර්ණවත් සම්මාන මුරයක්ද පවත්වා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උපහාර පිරිනමනු ලැබූහ. ඉන් අනතුරැව අභිමානවත් 21 වන සංවත්සරය සනිටුවහන් කරමින් සමූහ ඡායාරෑපයකට පෙනීසිටීම හා ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ සදුන් පැලයක් රෝපනය කිරිමෙන් පසු ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් භඨපිරිස් ආමන්ත්‍රණය කරමින්, නැගෙනහිර ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීම සඳහා භටපිරිස් ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව ප්‍රශංසා කළේය. මාතෘභූමියේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා කැපවී ක්‍රියාකළ සහ රණක්ෂිතයට පත් සියලුම විරුවන් සිහිපත් කරමින් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සිය කෘතඥතාව පළ කළේය. ඉන් අනතුරැව ආඥාපති තුමන් සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගී විමෙන් පසු. 21 වන සංවත්සර සැමරුම සාර්ථකව නිමාව සනිටුහන් කරන ලදි.

මෙම අවස්ථාව සදහා 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් වන, මේජර් ජෙනරාල් ඩබිලිව් පි කාරියවසම්, මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් ඒ සි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති, බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩීසි ඒඒටිඕ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරින්ද, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන්ද මෙම මුල සංවත්සර උත්සවය සදහා සහභාගි විය.