Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st September 2022 16:26:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බළප්‍රදේශයට අයත් කඩවත්මඩුව පුරාන විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා හා දහම් පාසල් සිසුන් වෙත දිවා ආහාර වේලක් සදහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී ර්ආ ආර් පී ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බළප්‍රදේශයට අයත් කඩවත්මඩුව පුරාන විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට හා දහම් පාසල් සිසුන් වෙත දිවා ආහාර වේලක් සදහා රුපියල් 100000.00 පමන වටිනා කමකින් යුත් කිරිපිටි පැකට්, බිස්කට් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය වියළි සලාක ද්‍රව්‍ය ප්‍රමාණයක් 2022 සැප්තැම්බර් 18 වන දින බෙදා දෙන ලදි.

මෙම වැඩසටහන සදහා ගුණ ජය සතුට පදනමේ මහා භාරකරු කුෂිල් ගුණසේකර මහතා විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජී ර්ආ ආර් පී ජයවර්ධන ආර්ඩබ්පි ආර්ඒස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි, සිවිල් සම්බන්ධිකරණ නිළධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ සහ සෙසු නිළයින් මෙම වැඩසටහන සඳහා සහභාගි විය.