Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th September 2022 14:43:30 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ප්‍රදේශයට අයත් විහාරස්ථාන වෙත වියළි සලාක මලු බෙදා දෙයි.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බළප්‍රදේශයට අයත් කන්දකාඩු, දම්මින්න, සෙවනපිටිය සහ මහවැව ප්‍රදේශයන් හි තෝරාගත් විහාරස්ථාන 7 ක් වෙත රුපියල් 85000.00 ක් බැගින් පමන වටිනා කමකින් යුත් අත්‍යාවශ්‍ය වියළි සලාක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් 2022 සැප්තැම්බර් 05 වන දින බෙදා දෙන ලදි.

මෙම වැඩසටහන සදහා ගුණ ජය සතුට පදනමේ මහා භාරකරු කුෂිල් ගුණසේකර මහතා විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්ඒස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි, කුෂිල් ගුණසේකර මහතා, විහාරස්ථානාධිපති හිමියන්, ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිළධාරි කර්නල් රජීව් ප්‍රනාන්දු, සිවිල් සම්බන්ධිකරණ නිළධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 2 වන අණදෙන නිළධාරී මේජර් මාලක රත්නායක ඇතුඵ නිළධාරී සහ සෙසු නිළයින් මෙම වැඩසටහන සඳහා සහභාගි විය.