Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th November 2022 12:49:20 Hours

ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) භඨ පිරිස් කඨින චීවර පිංකමක් සදහා දායකත්වය දැක්විය

ආරක්‍ෂක සේනා නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි වැලිකන්ද කඩවත්මඩුව පුරාණ විහාරස්ථානයේ දී වාර්ෂිකව පවත්වනු ලබන කඨින චීවර පිංකම ආරක්‍ෂක සේනා (නැගෙනහිර) භඨ පිරිස්ගේ දායකත්වයෙන් සිදු කරන ලදි.

ඒ අනුව නොවැම්බර් මස 02 වැනි දින පස් වරුවේ කඩවත්මඩුව පුරාණ විහාරස්ථානයේ විශේෂ බෝධි පුජා පිංකම පැවැත්වුණු අතර. අනතුරුව කඨින චීවරය වර්ණවත් පෙරහැරකින් කඳවුරු පරිශ්‍රය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කඩවතමඩුව විහාරාධිපති අතිපූජ්‍ය ඉඩංපිටියේ වජිරාලංකාර හිමි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් වෙත ආශිර්වාද කරමින් ධර්ම දේශනාවක් සිදුකරන ලදි. ඉන් අනතුරුව නොවැම්බර් 01 වන දින සවස් වරුවේ කඨින චීවර පිංක පිළිබදව ධර්මදේශනයක් සිදු කරමින් අවසානායේ සියලු රණවිරුවන්ට ආශිර්වාද කරන ලදි.

ඉන් අනතුරුව නොවැම්බර් 02 වන දින පස්වරුවේ නැවත කඨින චීවරය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් හා ගම්මානයේ බැතිමතුන් එක්ව පෙරහැරකින් ආපසු විහාරස්ථානය වෙත වැඩම කළහ.

ඒ අනුව 06 වැනි දින සන්ධ්‍යාවේ භඨපිරිස් හා ගම්වාසී සැදැහැවතුන් සමඟ “කඨින චීවර” පෙරහැර පැවැත්වු අතර රාත්‍රියේදී පිරිත් සජ්ඣායනාවට ද පසු දින උදෑසන "උදේ දානය" සහ දහවල් දානය සදහාද භඨපිරිස් දායකත්වය පිරිනැමිමෙන් පසු කඨින චිවර පුජාව අවසන් කරන ලදි. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විහාරාධිපති පූජ්‍ය ඉඩංපිටියේ වජිරාලංකාර හිමියන්ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සහභාගි වු අතර ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිළයින් හා ගම්මානයේ බැතිමතුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.