Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th February 2023 15:47:03 Hours

ආරක්‍ෂක සේනා (නැඟෙනහිර ) භට පිරිස් සදහා මී මැසි පාලනය පිළිබද වැඩමුලුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් මී මැසි පාලනය පිළිබඳ වැඩමුලුවක් පූනානි බලඇණි පුහුණු පාසලේ එළිමහන් දේශන පරිශ්‍රයේදී පෙබරවාරි 21 සහ 22 යන දිනවල සංවිධානය කරන ලදී. මෙම වැඩමුලුව සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර), 23 වන පාබල සේනාංකය, 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා සේවා බළකායට අයත් භඨ පිරිස් සහභාගී වන ලදී.

මෙම වැඩමුළුව සඳහා 'බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ' ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා සහ 'බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ' කාර්මික ශිල්පී නුවන් කීර්ති මහතා යන මහත්වරු සම්පත් දායකයින් ලෙස සහභාගී වී සිය විශේෂඥ දැනුම ලබා දුන්හ.