Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd July 2022 21:57:24 Hours

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමන් ඉදිරි නඩත්තු පෙදෙස සංචාරයක නිරත වෙයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජී ආර් ආර් පී ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂඨ නිළධාරී 2022 ජූලි මස 19 වන දින ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) සහ යුධ හමුදා මූලික රෝහල - මින්නේරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් කේ ඒ ඩබ් එස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින්, මූලස්ථානය වෙත සම්ප්‍රාප්ත වූ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සංචාරය අතරතුර, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ට අයත් ඒකකයන්හි අණදෙන නිලධාරීන් ඇමතීම එම මුලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී. එම අවස්ථාවෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මූලස්ථානය වෙත සිය සංචාරය සනිටුහන් කිරීම සඳහා පැළයක්ද රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, 3 ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකාය, යුද හමුදා මූලික රෝහල - මින්නේරිය සහ 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. එහිදී 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ දී, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති විසින් භඨපිරිස් ඇමතීමක්ද සිදු කරන ලදි.