Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th October 2022 11:31:30 Hours

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිගේ සහභාගිත්වයෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී “බෝධි පුජා පිංකම” පැවැත්වීම.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සහභාගිත්වයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන භඨපිරිස් ඒකාබද්ධ ආගමික උත්සව සංවිධානය කරන ලදී.

ඒ අනුව දිඹුලාගල ආරණ්‍ය සේනාසන විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් දිඹුලාගල ප්‍රදේශයේ විහාරවාසී භික්ෂූන් වහන්සේ 50 නමක් එක්ව “බෝධි පුජා පිංකම” පවත්වනු ලැබූ අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ භටපිරිස් වෙත ආශිර්වාදය පළ කළහ.

ආරක්ෂක සේනා (නැ‌‌ෙගනහිර) සිවිල් සම්බන්ධීකරණ ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ, ජ්‍යෙෂ්ඨ නිළධාරී, නිළධාරීන් සහ සෙසුනිළයින් මෙම අවස්ථාවන් සඳහා දායක විය.