Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th October 2022 20:26:36 Hours

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ධාතු මන්ධිරයක් විවෘත කරයි

මල්ලින්ද ශ්‍රී සුවර්ණ පහන පුදබිම විහාරස්ථානයේ කඨින චීවර පූජා උත්සවයට සමගාමීව අභිනවයෙන් ඉදිකල ධාතු මන්දිරය 2022.10.23 වන දින ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ විසින් විවෘත කරන ලදී.

සෙවණපිටිය මල්ලින්ද ශ්‍රී සුවර්ණ පහන පුදබිම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය "ටික්කන්පතනේ රතනදීප" නාහිමියන්ගේ ඉල්ලිමකට අනුව ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති තුමන්ගේ මාර්ගෝපදේශ හා අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා (නැගෙනහිර) භඨ පිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මෙම ධාතු මන්ධිරය පිලිසකර කරන ලදි.

මෙම අවස්ථාව සදහා විහාරස්ථානයේ විහාරාධිපති, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි, ආරක්ෂක සේනා (නැගෙනහිර), ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරි කර්නල් රජීව් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ගම්වාසීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.