Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th February 2022 18:14:47 Hours

ආරක්‍ෂ සේනා ආඥාපති - නැගෙනහිර සිය බළ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් පි එම් එල් චන්ද්‍රසිරි ඩබිඩබිවි ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පෙබරවාරි 18, 19 සහ 20 යන තෙදින තුළ 22 වන පාබල සේනාංකයේ සහ ඒ යටතේ පාලනය වන 221, 222 සහ 223 පාබල බළසේනාවන්හි සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන් ත්‍රිකුණාමලයේ ස්ථාපිත 22 පාබල සේනාංක වෙත පැමිණි අතර, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින්, ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්, හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු මුරයේ ගෞරවාචාරයන් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, 22 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිට ආඥාපතිතුමා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

භට පිරිස් අමතමින් නිලධාරීන්ට සහ සෙසුනිලයන් අතර සමගිය තහවුරු කිරීමටත්, මෙම වසංගත තත්ත්වය තුළ පුද්ගලික සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. තවද සෑම නිලයකම ඉහළම විනය පවත්වා ගනිමින් යුද හමුදාවේ ප්‍රතිරූපය රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අතර කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ රජයේ උත්සහය ශක්තිමත් කිරීම යුද හමුදාවේ වගකීම ද අවධාරණය කළේය. තවද, හරිත ආර්ථිකයකට මගපාදන කාබනික පොහොරවල වැදගත්කම පිළිබඳව ආඥාපතිතුමා විසින් අවධාරණය කරන ලද අතර, හරිත කෘෂිකර්ම තාක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

පසුව, මෙම සංචාරය සිහිකරමින් මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් සිටුවීමට ආඥාපති තුමාට ආරාධනාකරන ලදී.

ඉන් අනතුරැව 221 පාබල බළසේනා මුලස්ථානය වෙත සපැමිණි ආඥාපතිතුමන් ඒ යටතේ ඇති බළඇණි වෙත ගොස් අවශ්‍යතා පිලිබදව කරැණු සාකචිජා කලේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරි 19 සහ 20 දින 222 පාබල බළසේනාව, 223 පාබල බළසේනාව සහ ඒ යටතේ පාලනය බලඇණි සංචාරයක නිරත විය.එම සංචාරය තුලදි ද හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු මුරයේ ගෞරවාචාරයන් ආඥාපති තුමන් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ඒකක අවශ්‍යතා සහ සුභසාධන ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවිය.මිට අමතරව ආඥාපතිතුමා විසින් එම කඳවුරුවල සිටි භටපිරිස් අමතා තම දැක්ම සහ යුධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂ කිරිමේ අවශ්‍යතාව පිළිබඳව වැඩි දුරටත් දැනුවත් කරන ලදී.