?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th September 2025 12:03:53 Hours

ආරක්ෂක හමුදා (නැගෙනහිර) ආඥාපති තුමාන් නොවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය - කන්දකාඩුහි නිල සංචාරයක් සිදුකලේය

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2025 සැප්තැම්බර් 21 වන දින කන්දකාඩු නොවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිල සංචාරයක් සිදු කළේය.‍

එහිදී මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි කන්දකාඩු නොවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ පුළුල් සාකච්ඡාවක නිරත විය. එහිදි රැඳවියන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වත්මන් තත්ත්වය හා මධ්‍යස්ථානය මුහුණ දෙන නිශ්චිත මෙහෙයුම් අභියෝග ඇතුළු තීරණාත්මක කරුණු රාශියක් සාකාච්ජා කරන ලදි.

ඉන්පසු ඔහුන්ගේ පෞද්ගලිකව යටිතල පහසුකම් සහ ප්‍රධාන මුරපොලවල් නිරික්‍ෂණයකර, ආරක්ෂක පියවරවල්හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අරමුණු පැහැදිලි කර , ක්‍රියාත්මක කළ හැකි නියෝග මාලාවක් නිකුත් කළේය.

මෙම සංචාරයේදී 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.පී.පී. කුලතිලක එන්ඩීසී, පුනරුත්ථාපන අධිකාරී, එන්ටීවීඑල්ටීසී සේනපුර පුනරුත්ථාපන අධිකාරී, ආරක්ෂක සහ පුනරුත්ථාපන රාමුව නියෝජනය කරන අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.