Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th September 2023 13:10:20 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් "මත්ද්‍රව්‍ය නිවාරණ" වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩියූ පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සංකල්පයකට අනුව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ සභාපති රවුෆ් මජීත් ඇතුළු එම සම්මේලනයේ නියෝජිතයින්ගේ සහයෝගය ඇතිව කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේදීපාසල් ළමුන් ඇතුළු තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වලක්වා ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 12 වන දින පවත්වන ලදී.

මෙහිදි ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩියූ පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් අදහස් දැක්වූ අතර එහිදී මත්ද්‍රව්‍ය මුළු ලෝකයම හා ශ්‍රී ලංකාව වෙලාගත් විශාල උවදුරක් බවත් අපගේ අරමුණ වනුයේ රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන්, තරුණ ප්‍රජාව එම මත්ද්‍රව්‍ය උවදුරින් ගලවා ගැනීම බවය. එමෙන්ම මෙය ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මූලික වශයෙන් නැගෙනහිර පළාත තුල සිදුකරන ලද පළමු දැනුවත් කිරීමේ වැඩසටහන බවත් ඉදිරියේදී මෙවැනි වැඩසටහන් ත්‍රිකුණාමළය සහ අම්පාර දිස්ත්‍රික්කයන් තුලද සිදුකිරීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් සිවිල් ජනතාව මත් උවදුරින් පමණක් නොව වෙනත් ඕනෑම උවදුරකින් බේරාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන බවට වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩියූ පීඑස්සී අයිජී, 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 243 බළසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්සීඑස් කුමාරසිංහ, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී ඒසී අබ්දුල් රහීම්, විශ්‍රාමික ආහාර පාන සුරක්ෂිත නිලධාරියෙකු වන එස්ඒ තස්තිර් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් ළමුන් හා තරුණ පිරිස් 600 කට ආසන්න පිරිසක් සහභාගි විය.