Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd October 2023 09:10:27 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මගින් තවත් ප්‍රජා ව්‍යාපෘතියක් - කොක්කඩිච්චෝලේ ගැබිණි මව්වරුන් වෙත පෝෂණ මල්ලක් බෙදාදීම

අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් 243 වන පාබල බලසේනාව විසින් 2023 ඔක්තෝබර් මස 20 වන දින මඩකලපුව දිස්ත්‍රික්, කොක්කඩිචෝල ප්‍රදේශයේ පදිංචි අසරණ දමිළ ගැබිණි මව්වරුන් 100 දෙනෙකු සඳහා කොක්කඩිචෝල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පෝෂණ වියළි සලාක මල්ලක් බෙදා දීමට සමත් විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම මූලික අවශ්‍යතා හඳුනාගෙන ඔහුගේ සංකල්පීය මගපෙන්වීම මත මෙම වැඩසටහන දියත් කරන ලදී. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී. 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒඑම්සි කුමාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩිඑම්එන් පත්මසිරි සහ භටපිරිස් හි සහාය ඇතිව මෙම උත්සවය සාර්ථකව පවත්වන ලදී.

මෙම වටිනා කර්තව්‍ය සඳහා දළ වශයෙන් රුපියල් 750,000 ක් මුදලක් වැයවු අතර ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ අගරදගුරු එබනේසර් ජෝශප්, ජාතික ක්‍රිස්තියානි සභාවේ හිටපු මහලේකම් සහ අන්තර් ආගමික සාම සංධානයේ මහලේකම්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ ඉල්ලීම පරිදි මෙම අනුග්‍රහය දක්වන ලදී. අම්බලන්තුරේ කලෙයිමගල් විද්‍යාලයේ සහ අරසඩිතිව් විග්නේෂ්වරම් විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික නැටුම් උත්සවයේ විචිත්‍රවත් බව වැඩි කරන ලදී. එහි දී අම්බලන්තුරේ කලෙයිමගල් විද්‍යාලයේ සිසු සිසුවියන් උඩරට සම්ප්‍රදායික ඇඳුමින් සැරසී ඉදිරිපත් කරන නර්තනය මේ ප්‍රදේශයේ සියලු ජාතීන් ගේ සැබෑ සංහිඳියාව සහ එකමුතුකම පිළිබිඹු කරන අංගයක් විය. තවද, ගැබිණි මව්වරුන්ට කෙටි ආහාර වේලක් සහ දිවා ආහාරය ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි ද, ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ අගරදගුරු එබනේසර් ජෝශප් පියතුමා ද සහභාගී විය. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් ඒඑම්සි කුමාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, අණදෙන නිලධාරී සහ 11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙම උත්සවයට සහභාගී විය. මෙයට අමතරව කොක්කඩිචෝල ප්‍රාෙද්ශීය ලේඛම් කාර්යාලයේ සහකාර ප්‍රා‍ෙද්ශීය ලේඛම් එම් කුවි කුමාර් මහත්මියද කොක්කඩිචෝල සෙෳඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ රමේෂ් මහතා සහ ආරාධිත අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට සභභාගී විය.