Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th October 2022 12:19:01 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බලප්‍රෙද්ශයේ නිළධාරින් සදහා තෙදින වැඩමුළුවක් පවත්වන ලදි.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 2022 ඔක්තෝබර් 22, 23 සහ 24 යන දිනවලදී "ප්‍රචණ්ඩ අන්තවාදය සහ එහි නව ප්‍රවණතා" යන මාතෘකාව යටතේ ආරක්‍ෂක සේනා බලප්‍රෙද්ශයේ රාජකාරී නියුතු නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා තෙදින වැඩමුළුවක් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) දී පවත්වන ලදී.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨයේ උපාය මාර්ගික අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සිංදුජා ජයරත්න මහත්මිය විසින් පවත්වන ලද මෙම දේශන මාලාව සදහා අන්තවාදය, ජිහාඩ් චින්තනය හා ප්‍රායෝගිකත්වය සහ එහි හැඳින්වීම, කලාපීය බලපෑම, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය සහ එහි ගෝලීය හා කලාපීය බලපෑම, ප්‍රචාරණය සහ එහි බලපෑම් (රැඩිකල්කරණයේදී සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය භාවිතය), ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධ කලාපීය ත්‍රස්තවාදී භූ දර්ශනය, ඉස්ලාමීය අන්තවාදය සහ නව ආරක්ෂක මානයන් සහ ඉස්ලාමීය අන්තවාදය සහ ශ්‍රී ලංකාවට එහි බලපෑම යන මාතෘකා ඇතුළත් විය.

මෙම වැඩමුළුව සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ආධන ජ්‍යෙෂ්ඨ නිළධාරි, සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ ඒකක බුද්ධි නිලධාරින් ඇතුළු නිලධාරීන් 70 දෙනෙකු සහභාගී වූ අතර, එම නිලධාරීන් විසින් ඉදිරිපත්කරන ලද ප්‍රශ්ණ සහ ගැටළු සදහා ප්‍රායෝගික හා න්‍යායාත්මක පිලිතුරු ලබාදෙමින් පවත්වන ලද මෙම වැඩමුළුව අවසානයේ ඇයගේ වටිනා අදහස් බෙදා ගැනීම වෙනුවෙන් හා දේශනයට ඇගයීමක් වශයෙන් සමරු තිළිණයක් ද ආරක්ෂක සේනා ආඥාපති තුමන් විසින් පිරිනමන ලදී.