Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st March 2022 22:12:41 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නිලධාරීන්ගේ නිළ උසස්වීම් විභාගය සඳහා පුනරික්ෂණ පාඨමාලාවක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත, ආරක්ෂක සේනා මූලස්ථානය විසින් 2022 පෙබරවාරි මස 10 වන දින සිට පෙබරවාරි මස 18 වන දින දක්වා වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේදී 2022 වසරේ කපිතන් සිට මේජර් දක්වා නිළ උසස්වීම් විභාගයට පෙනී සිටින නිලධාරීන් සදහා පුනරික්ෂණ දේශන මාලාවක් සංවිධානය කරන ලදී.

මෙම පාඨමාලාව සදහා සුදුසුකම් ලත් දේශක කණ්ඩායම් විසින් සියලුම විෂයයන් සඳහා අදාළ දේශන පවත්වන ලද අතර මාණ්ඩලික නිලධාරීන් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් පුනරික්ෂණ පාඨමාලාව සම්බන්ධීකරණය කරන ලද අතර එය නිලධාරීන් 30 දෙනෙකුගෙන් සමන්විත විය.