Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 10:03:34 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් (ප්‍රමා) බැංකොක්හි (ටයිගර් කිං) මුයිතායි දින වැඩසටහන සදහා සහභාගිවෙයි

ආරක්ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි , කෘ (මාස්ටර්) මුයිතායි සංගමය සහ තායි සංස්කෘතික කොමිෂන් සභාව යටතේ මාස්ටර් ශ්‍රේණියේ (අර්ජරන්) හිමිකම් දරන්නා වන කර්නල් පීපීසී පෙරේරා, ඔහුගේ එතෙර නිවාඩු කාල සීමාව තුළ "මුයි ප්‍රජෝව් සෙඋ සහ ක්‍රබී ක්‍රබොං ප්‍රජෝව් සෙඋ " උත්සවය සදහා සහභාගී විය. උත්සවය තායිලන්තයේ බැංකොක් හිදි පැවැත්විණි. කර්නල් ප්‍රියංක පෙරේරා ජ්‍යෙෂ්ඨ නිළධාරි මුයිතායි සටන්කළාවේ පළමු ජාතික පුහුණුකරු වන අතර යුධ හමුදා මුයිතායි කමිටුවේ නිර්මාතෘවරයාද වේ.

තවද, ටයිගර් කිං 29 වැනි රජු ලෙස කිරුළු පැළඳි අතර ඔහු අග්නිදිග ආසියාවේ යුධ පිටියේ සමාව දිය නොහැකි කුරුසයේ අසංඛ්‍යාත යුද්ධ වලදී යුධමය ආත්මාරක්ෂාවෙහි අවසාන ස්වරූපය ලෙස වර්ධනය කරන ලද පුරාණ තායිලන්තයේ විනාශකාරී නිරායුධ සටන් කලාව වන මුයුබොරාන් සටන් කලාවේ පියා ලෙසද හැඳින්වෙන අතර ඔහු සිහිකිරිම සදහා පෙබරවාරි 6 වන දින මුයිතායි දිනය ලෙස නම්කර මෙම උත්සවය සංවිධානය කර ඇත. රට තුළ මුයුබොරාන් සටන් කලාව ඉගැන්වීම ශ්‍රී ලංකා යුධ හමුදාවේ පමණක් පවතින අතර මුයිතායි සටන් ස්වයං ආරක්ෂක පාඨමාලාව (MCSD) සහ මුයාතායි සංග්‍රාමික සටන් ක්‍රමය (CFS) පාඨමාලා වශයෙන් පවති.

මෙම විශේෂ දිනය මුයිතායි ක්‍රීඩාව සදහා විදේශිකයන් කිහිප දෙනෙකුට පමණක් විවෘත වූ අතර කර්නල් ප්‍රියංක පෙරේරා එම විදේශිකයන් අතර තම ස්ථාවරය තහවුරු කළේය. තායිලන්ත සංස්කෘතික අමාත්‍යවරයා යුනෙස්කෝ නිලධාරින් සමඟ තායිලන්තය වටා සිටින සියලුම ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ පැමිණීම මධ්‍යයේ උත්සවය පැවැත්වීය. උත්සවයේදී පාසල් සිසුන් 1000 කට අධික පිරිසක් මුයිතායි කුසලතා ප්‍රදර්ශනය කළ අතර ගුරු ගෞරව නැටුම් සහ යුද ශිල්පයේ ඉහළ කුසලතා යුනෙස්කෝ උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.