17th July 2025 13:02:39 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2025 ජුලි මස 16 වන දින භකාස අණසක (නැගෙනහිර) නිල සංචාරයක නිරත විය.
භටකාර්ය සම්පාදක (නැගෙනහිර) ආඥාපති විසින් ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් පිආර් පතිරවිතාන යුඑස්ඒඩබිලිවිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර භඨපිරිස් විසින් පිවිසුම් දොරටුව අසලදී කදවුරු මුරයක් පිරිනමන ලද අතර, ආඥාපති විසින් මාණ්ඩලික නිලධාරීන් සහ ඒකක අණදෙන නිලධාරීන් හදුනා ගන්නා ලදී.
අනතුරුව ආඥාපතිතුමන් සංචාරය සනිටුහන් කරමින් අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව මාණ්ඩලික නිලධාරින් හා යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. භටකාර්ය සම්පාදක (නැගෙනහිර) ආඥාපති විසින් භටකාර්ය සම්පාදක (නැගෙනහිර) කාර්ය භාරය සහ කර්තව්‍යයන් සහ එහි වගකීම් පිළිබඳ විස්තරයක් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලදී. භටකාර්ය සම්පාදක (නැගෙනහිර) සිට පිටත්ව යාමට පෙර, ආඥාපතිතුමන් විසින් අමුත්තන්ගේ පොතෙහි තම අදහස් සටහන් තබන ලදි. අනතුරුව එතුමන් භටපිරිස් ඇමතිමෙන් පසු. සිය සංචාරය අවසන් කරමින් මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහලද සංචාරය කරන ලදි.