10th July 2025 21:42:40 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සංචාරයක් සිදුකල අතර, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක හිමියන් හමුවී උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව, ආඥාපති තුමන් විහාරස්ථාන පරිශ්‍රයේ සංචාරය කළ අතර යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරනු ලබන ඉදිකිරීම් කටයුතුද නිරීක්ෂණය කළේය.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් මෙන්ම ඉතා සංචාරක ආකර්ෂණයක් හිමි ස්ථානයකි. සේනාසනය පිළිබඳ වැඩිදුර තොරතුරු http://dimbulagala.com වෙබ් අඩවියෙන් සොයාගත හැකි අතර, එය එහි ඉතිහාසය සහ ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දෙයි.
මෙම සංචාරය සඳහා 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ සේනාසනය කටයුතු සඳහා පත්ව සිටින ප්‍රධාන සිවිල් තනතුරැ හොබවන අයවලුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.