Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd January 2023 22:18:33 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) 2023 නව වසරේ වැඩ කටයුතු සුභ මොහොතින් ආරම්භ කරයි.

2023 නව වසර උදාව සමග ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හමුදා චාරිත්‍රානුකූලව නව වසරේ පළමු වැඩකරන දිනයවු 2023 ජනවාරි 02 වන දින සුභ මොහොතින් වැඩ කටයුතු ආරම්භ කරන ලදී. ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ජාතික ධජය සහ ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ධජය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් එසවීමෙන් අනතුරුව ජාතික ගීය සහ යුධ හමුදා ගීතය ගායනා කරන ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ජාතික ධජය සහ ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ධජය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් එසවීමෙන් අනතුරුව ජාතික ගීය සහ යුධ හමුදා ගීතය ගායනා කරන ලදී. මියගිය රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිෂ්ශබ්ධතාවක් පැවැත්වීමෙන් අනතුරුව පැමිණ සිටි සියලු දෙනා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිවරයා ඉදිරියේ රජයේ සේවකයන්ගේ දිවුරුම් පාඨය කියවා රජයට තම පක්ෂපාතිත්ව ප්‍රතිඥා දුන්හ. අනතුරුව ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමාගේ දේශනයට සවන් දුන් අතර, රජයේ ඉදිරි සැලැස්ම පිළිබදව අවබෝධ කරමින් ආඥාපතිතුමා කීර්තිමත් හමුදා ජීවිතයක් ගත කිරීම පිළිබඳ උපදෙස් ලබාදෙන ලදී. 2023 නව වසර සඳහා සියළුම නිලධාරීන්ට සහ සෙසු නිලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සුබ, නිරෝගිමත් සහ සෞභාග්‍යමත් නව වසරකට සුභ පැතුම් එක් කරමින් සිය දේශණය අවසන් කරන ලදි.

අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 28 දෙනෙකු වෙත රුපියල් 2500/= බැගින් වටිනා වියළි සලාක මලු 28ක් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි සහ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් විසින් බෙදාදෙන ලදී. ඉන් පසුව මූලස්ථාන පරිශ්‍රයේ උත්සව ශාලාවේදී තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි. එම අවස්ථාවට නිළධාරින්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ද සහභාගි විය.