?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th July 2025 14:46:48 Hours

ආරක්ෂක සේනා මූලස්ථාන(නැගෙනහිර) බෝධි පුජාමය පිංකමක් සංවිධානය කරයි.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය සනිටුහන් කරමින්,  ආරක්ෂක සේනා මූලස්ථානය(නැගෙනහිර) විහාරස්ථාන පරිශ්‍රයෙහි  බෝධි පූජාවක් සහ ධර්ම දේශනාවක් පවත්වන ලදි. මෙම ආගමික වතාවත් සංවිධානය  වූයේ ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර)  මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, ජේෂ්ඨ නිළධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ ය.

ඇසළ පසළොස්වක පොහොය දිනය බෞද්ධයන්ට ඉතා වැදගත් දිනයකි. එය බුදුන් වහන්සේ විසින් තම පළමු ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ දිනය වන අතර, බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ මහාමායා දේවියගේ කුසෙහි සිදුහත් කුමරුවන් පිලිසිද  ගත් දිනයද මෙය බවයි. මෙවැනි දිනයක, යුද්ධ හමුදා  සාමාජිකයන්ගේ අධ්‍යාත්මික  වර්ධනය කිරීම උදෙසා මෙම උත්සවය සංවිධානය විය.

මෙම උත්සවයේ ප්‍රධාන අරමුණු වශයෙන්,

රට වෙනුවෙන් ජීවිත පිදූ වීර රණවිරුවන්ට පිං පැමිණවීම,

රණක්ෂිතයට පත් වු රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම,

දැනට සේවය කරන නිලධාරීන් , සෙසු නිළයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වලට ආශිර්වාද කිරීම ,

මෙම වැඩසටහනෙහි අරමුණ විය.පිංකම සිදුකිරීම සහ  මෙහෙයවීම සඳහා පූජ්‍ය දෙල්විට මෙත්තකංකර හිමියන්ට  ආරාධනා කර තිබිණි.

වැඩසටහන සදහා ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) ,ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන්ද   සහභාගී විය.  

මෙම වැඩසටහනෙන් අනතුරුව ආඥාපති තුමන් පූජ්‍ය දෙල්විට මෙත්තකංකර හිමියන්ගේ ආරාධනාවකට අනුව වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමයෙහි වස් ආරාධනා පිංකමකටද සහභාගී වී ගරුතර මහා සංඝරත්නයට චාරිත්‍රානුකූලව  වස් ආරාධනා කර සිටියහ.