Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th April 2023 11:31:34 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය( නැගෙනහිර ) විසින් සම්ප්‍රදායිකව පවත්වනු ලබන වාර්ෂික සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය 2023.04.09 වන දින ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික හා ගැමි ක්‍රීඩා වලින් සමන්විතවූ අතර, ග්‍රීස් ගස නැගීම, කොට්ට පොරය, කඹ ඇදීම, බාධක දිවීම, විකට ඇදුම් තරගය, අවුරුදු කුමරිය තේරීම සහ විනෝදජනක ක්‍රීඩා ගණනාවක් අතුලත්වූ අතර, උත්සව පරිශ්‍රය ගැමිගෙදරක් ආකාරයට සරසා තිබුණි.

එම විශේෂ දිනයේ දී ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලය වෙත තිළිණ සහ සිවිල් සේවකයන් 35 දෙනෙකු වෙත සහල් කි:ග්‍රෑ: 05 බැගින් බෙදා දෙන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි, බ්‍රිගේඩියර් ස්වේච්ඡා සම්බන්ධීකරණ නිළධාරි බ්‍රිගේඩියර් ලලිත් අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය( නැගෙනහිර ) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය මෙම අවුරුදු උත්සවය සදහා සහභාගිවිය.