14th January 2025 12:12:54 Hours
බුද්ධත්වයෙන් නව මසකට පසු බුදු රජාණන් වහන්සෙගේ ප්‍රථම ලංකාගමනය සනිටුවන් වූ සාසනික වශයෙන් අතිශය වැදගත් කරුණක් නිසාවෙන් බෞද්ධයන් හට වැදගත් වන දුරුතු පොහොය දිනයට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානායදී බුද්ධ පූජාමය පිංකමක් ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති තුමන් ඇතුලු සියලූම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරීන් සෙසු නිළයින් සහ සිවිල් සේවක මහතුන් එක්ව පූජ්‍ය නුවන්දෙනියේ ඥාණාලංකාර හිමි කදවුරු පරිශ්‍රයට වඩම්මවා සිදුකරන ලදි.
මෙහිදී මිය ගිය රණවිරුවන් හට පිං අනුමෝදම් කිරීම, රණක්ෂිතයට පත් රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, ආරක්ෂක සේනා මූලස්ථානයේ රාජකාරීන්හි නියුතු සියලූම දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෙත් පැතීමද මෙහි අරමුණක් විය.