?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th April 2025 14:05:20 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මහසෙන්පුර ගම්මානයේ ජල සැපයුම් විය්‍යපෘතියක් ස්ථාපිත කරන ලදී.

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී.ආර්. පතිරවිතාන යුඑස්ඒඩබිලිවිසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ මඟ පෙන්වීම යටතේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ, 233 වන පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති වන 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මහසෙන්පුර ගම්මානයේ ජල සැපයුම් විය්‍යපෘතියක් ස්ථාපිත කරන ලදී.

මෙම ව්යා්පෘතිය 2025 අප්‍රේල් 03 වන දින ප්‍රජාවට පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණින් ආරම්භ කරන ලදී.

සමාරම්භක උත්සවයට ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 233 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරීන් අනෙකුත් නිලයන් සහ සිවිල් වැසියන් සහභාගී විය.