Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd November 2023 08:28:20 Hours

ආරක්ෂක සේනා නැගෙනහිර සිංහල සිසුන්හට දෙමළ භාෂාව ඉගැන්වීමේ වැඩමුළුවක් ආරම්භ කරයි

ජාතීන් අතර සංහිදායාව වර්ධනය කිරිම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්ඒස්පි එන්ඩියු පිඒස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකය මූලස්ථානයේ සහ 233 වන පාබල බලසේනා මූලස්ථානයේ මගපෙන්වීම යටතේ යටතේ 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් නෙළුම් වැව මහ විද්‍යාලයේ හා සිංහපුර කණිෂ්ඨ විද්‍යාලයේ සිංහල සිසුන්හට දෙමළ භාෂාව ගැන්වීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදි. එම වැඩමුළුවේ සමාරම්භක උත්සවය 2023 නොවැම්බර් 21 වන දින නෙළුම් වැව මහ විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලදි. මෙම උත්සවය සඳහා සර්ව ආගමික නායකයින්, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පි යූඑස්පි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. තවද දිඹුලාගල කලාප අධ්‍යපන අධ්‍යක්ෂ, පාසල් දෙකෙහි ගුරුභවතුන් සහ සිසු සිසුවියන් උත්සව කටයුත්ත සඳහා සහභාගී විය.

රැස්ව සිටි පිරිස ඇමතූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී සමාජයක් ලෙස එකිනෙකාගේ භාෂාව ඉගෙනීමේ වැදගත්කම සහ අර්ථවත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සඳහා එහි ධනාත්මක ප්‍රතිඵල අවධාරණය කළේය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ ද්විභාෂා චතුරතාව වර්ධනය කර ගන්නා ලෙස ඔහු සිසුන් දිරිමත් කළ අතර, එය ළමුන්ගේ අනාගතය සදහා නිසැකවම පිටුවහල් වන බවද පවසන ලදි. එසේම දෙමළ භාෂාව කතා කරන දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ මෙවැනි වැඩසටහනක් සතියක් ඇතුළත කොක්කඩිචෝලෙයිහිදී ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. සහෝදරත්වය ශක්තිමත් කිරීම සහ එකිනෙකාගේ හැඟීම් අවබෝධ කර ගැනීමේ අරමුණින් වැඩසටහන් දෙකෙහිම සිසුන්ගේ සහභාගීත්වයෙන් අන්තර් ක්‍රියාකාරී වැඩමුලු ඉදිරියේදී පවත්වන බව මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි පැවසීය. මෙම වැඩසටහනේ සම්පත් දායකයා ලෙස සිංහපුර මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නන්දසේන මහතා සහ දෙමළ භාෂාව හොඳින් දන්නා ආරක්ෂක සේන මූලස්ථානය (නැගෙනහිර) යුධ හමුදා සාමාජිකයින් පාසල් දෙකෙහිම පන්ති පවත්වනු ලබන අතර, තවද නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා පුද්ගලික සම්බන්ධතා හරහා සම්පත් දායකයින් මගින් පාසලේ අවශ්‍යතා හැකි පමණින් ලබා දෙන බවද සදහන් කළේය. මෙම වැඩසටහන අතරතුර පාසල් සිසුන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික අංගයන්ගෙන් උත්සව අවස්ථාව තවත් වර්ණවත් විය. ඔවුන් හටද නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සුබ පැතීමට අමතක නොකළහ.