?
29th July 2025 21:42:42 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) භට පිරිස් විසින් 2025 ජුලි 29 වන දින ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව නැගෙනහිර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
"වෙරළ තීරය ආරක්ෂා කිරීමට, සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමට සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට සම්බන්ධ විය.
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ ස්ථානගතව ඇති 22, 23 සහ 24 පාබල සේනාංක මෙම වැඩසටහනට සහභාගී විය.
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර RWP RSP ndu psc,දිස්ත්‍රික්ක ලේඛම් JJ මුරලිදරන් මහත්මිය, සේනාංකාධිපතිවරුන්,හමුදා නිළධාරීන්, සෙසු නිළයින් ද ,රාජ්‍ය හා පොලිස් නිළධාරීන්,සිවිල් ආයතන සිවිල් ජනතාවද වැඩසටහන සදහා සහභාගී විය.