Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd March 2025 08:31:37 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) භට පිරිස් විසින් සෙවනපිටියේ සාමනේර භික්ෂූන් වහන්සේලා 70 දෙනෙකු සඳහා දානමය පිංකමක් සංවිධානය කරන ලදී.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්ෂණය යටතේ 233 පාබල බලසේනාව සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨපිරිස් විසින් සෙවනපිටියේදී සාමනේර භික්ෂූන් වහන්සේලා 70 දෙනෙකු සඳහා දානමය පිංකමක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර), 233 පාබල බලසේනාව සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සියලු දෙනාම එහි සාර්ථකත්වයට දායක වූහ.