Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th January 2023 20:07:30 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) භට පිරිස් රෝගී භික්ෂූන් වහන්සේලා සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කරයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පිහිටි පූජ්‍ය රතනපාල භික්ෂු විවේකාශ්‍රමයේදි ආබාධිත භික්ෂූන් වහන්සේලාහට ඖෂධ සහ අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2023.01.27 වන දින ආරක්ෂක සේනා (නැගෙනහිර) භට පිරිස් විසින් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනේදී පරිත්‍යාග කරන ලද භාණ්ඩ ඕස්ට්‍රේලියාවේ පදිංචි යසෝමි පතිරගේ මහත්මිය සහ ඉනෝකා කාරියවසම් මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද අතර, එය සම්බන්ධීකරණය කරනු ලැබුවේ දහම්ලි පදනමේ ශෂිකලා ගුණරත්න මෙනවිය, මනුසත් හදවත් පදනමේ නදී සමරසිංහ මෙනවිය සහ ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් රජීව් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසිනි. මෙම වැඩසටහනේදී රුපියල් 100,000 කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ, රෝද පුටු, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඖෂධ ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් රජීව් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු සෙසු නිලයන් පිරිසක්ද සහභාගී වූහ.