?
09th July 2025 18:37:31 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සීජ්‍යෙෂ්ඨ නිලධාරී නව ආඥාපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු 2025 ජූලි 01 වන දින අම්පාරේ පිහිටි 24 පාබල සේනාංක මූලස්ථානයේ සිය පළමු සංචාරය සිදු කළේය.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු සියලුම නිලධාරීන් විසින් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් පිරිනමමින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් ආඥාපතිතුමන් හට එම පරිශ්‍රයේ පැළයක් සිටුවීමට ආරාධනා කල අතර, පසුව භටපිරිස් ඇමතීමද සිදුකරන ලදී. 24 වන පාබල සේනාංක බලප්‍රදේශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉදිරිපත් කරනලදී.
මෙම සංචාරයේදී 24 වන පාබල සේනාංකයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කරන ලදී.
පසුව ආරුගම්බේ කල්කුඩා 241 වන පාබල සේනාංකය සහ 242 වන පාබල සේනාංකය ඇතුළු ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමට ද එක් විය.