Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th January 2023 20:30:33 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති විසින් 22 වන පාබල සේනාංකයට අයත් බසේමු හා ඒකකයන්හි නිල සංචාරය සිදු කරයි

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 22 වන පාබල සේනාංකයට අයත් පාබල බලසේනා සහ ඒකකයන් හි නව වර්ෂය උදාවත් සමග ජනවාරි 05 සහ 06 (2023) දිනයන් හිදි සංචාරයක නිරත වන ලදි.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ප්‍රථමයෙන් කට්ටපරිච්චාන් හි ස්ථාපිත 223 පාබල බලසේනා මූලස්ථානය වෙත පැමිණි අතර, එහි දි 223 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රභාත් රංගජීව ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර පසුව හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව බලසේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු මුරයේ ගෞරයව පුද කරන ලදි. අනතුරුව බලසේනාධිපති විසින් බළසේනාවේ වගකීම් හා එහි කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ආඥාපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

අනතුරුව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 223 පාබල බලසේනාංකයේ භඨ පිරිස් අමතමින් අඛණ්ඩව වෘත්තීය පුහුණුව සහ සියලු මට්ටම්වල විනය රකිමින් යහපත් කාර්යන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අවධාරණය කළ අතර, එම දේශණයෙන් පසු සිය සංචාරය සනිටුවන් කිරිම සදහා පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව සියලු ජ්‍යෙෂ්ඨ නිළධාරින් සමග ඡායාරූපයක් සඳහා පෙනී සිටීන ලදි. ඉන් අනතුරුව, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ගල්කන්ද විහාරස්ථානය, ආණ්ඩුකාර කාර්යාලය සහ රංගිරි උල්පත රජමහා විහාරය වෙත සංචාරය කල අතර, පස්වරුවේ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ හා 15 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සංචාරය කරන ලදි. එහිදි අණදෙන නිළධාරින් විසින් ඒකකය වෙත පැවරි ඇති වගකිම් පිළිබදව ආඥාපතිවරයා දැණුවත් කිරිමෙන් පසුව ආඥාපති විසින් සංචාරය සනිටුවන් කිරිම සදහා පැළයක් රෝපණය කරන ලදි තවද පාබල බළසේනාවෙන් හා යටතේ ඇති ඒකකයන් වෙතින් නික්ම යෑමට පෙර අමුත්තන්ගේ පොතේ සිය අදහස් සහ සුබ පැතුම් සටහන් කරන ලදි.

2023 ජනවාරි 06 දින උදැසන සංචාරය ආරම්භ කරමින්, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, ත්‍රිකුණාමලයේ ෆෙඩ්රික් බළ කොටුවේ ස්ථාපිත 221 පාබල බලසේනාවේ සංචාරයක නිරත වූ අතර, 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී, පසුව බලසේනාධිපති විසින් ඔවුන්ගේ වගකීම්, ක්ෂේත්‍රය රාජකාරි පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, සියලු නිළයින් සමග තේ පැන් සංග්‍රහයකට එක් විය, අනතුරුව ජයන්තිගම - කන්තලේ පිහිටි 222 පාබල බලසේනා මූලස්ථානය වෙත පැමිණීමත් සමග, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් නාලක මල්සිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින්, කඳවුරු පරිශ්‍රයට පැමිණීමට පෙර, ඔහුව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පසුව ආඥාපතිවරයා විසින් කදවුරු නිරික්ෂණ සංචාරයක් කිරිමෙන් අනතුරුව අමුත්තන්ගේ පොතේ ඔහුගේ අදහස් සටහන් කිරීමෙන් පසුව ඔහු කන්තලේ ස්ථාපිත 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු ඒකකය වෙත පැමිණී අතර, එහිදි අණදෙන නිළධාරී විසින් ආඥාපතිතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, පසුව ආඥාපති තුමන්ගේ පැමිණිම සනිටුවන් කිරිම සදහා පැළයක් රෝපණය කරන ලදි. අනතුරුව සියලු ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සමග නිළධාරි නිවස්නේ දිවා භෝජනයට සහභාගිවිමෙන් පසුව අමුත්තන්ගේ පොතෙහි සටහන් කිරිමට අමතක නොකලහ. ඉන් පසුව ආඥාපති තුමන්ගේ 22 වන පාබල සේනාංක බළප්‍රෙද්ශයේ සංචාරය අවසන් කරන ලදි.

මෙම සංචාරය සදහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරි, අදාල පාබල බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්, 22 වන පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිළධාරි, ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, හා අදාල එකකයන් හි අණදෙන නිලධාරීවරුන්, නිලධාරීන් මෙම සංචාර සදහා සහභාගි වන ලදි.