Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th July 2023 20:32:58 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති "පන්සල්ගල අභිනවාරාම ස්ථූපයේ කොත් වහන්සේ" නිරාවරණය කරයි

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023 ජූලි 02 දින "මහා සංඝරත්නයේ" ආගමික වතාවත් මධ්‍යයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථාන ‍චෛත්‍ය"කොත් වහන්සේ" නිරාවරණය කරන ලදී. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උප සංඝනායක, අම්පිටියේ සුමනරතන නාහිමි සහ දායක සභා සාමාජිකයින්ගේ ආරාධනයෙන් නැගෙනහිර ආඥාපතිතුමා "කොත් වහන්සේ" නිරාවරණය කිරීමේ පූජෝත්සවයට සහභාගී විය.

අභිනවාරාම විහාරස්‌ථාන ස්‌තූපය ඉදිකිරිම් කටයුතු සිදු කරන ලද්දේ මහඔය සිවිල් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එල්.වයි.ඒ ලක්පුර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක බළකායේ භටපිරිස් විසින් සහ අභිනවාරාම විහාරස්‌ථානයේ දායක සභාවේ පරිශ්‍රමයෙනි. විශ්‍රාමලත් විදුහල්පතිනි ගුණවතී පෙරේරා මහත්මියගේ පරිත්‍යාගයෙන් ඉදිකිරීම් ආරම්භ විය. ඉන් අනතුරුව එක්සත් රාජධානියේ පදිංචි බණ්ඩාරනායක මහතා සහ එම මහත්මිය, රසික ලක්මාල් මහතා, පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය, දෙස් විදෙස් බැතිමත් පරිත්‍යාගශීලීන් එක්ව "චේතිය ආනන්ද ස්ථූපය" සඳහා අත්වැල් බැඳගත්හ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වූ අතර සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ළමාහේවා ජ්‍යෙෂ්ඨ නිලධාරිද මෙම අවස්ථාවට සහභාගී විය. තවද මෙම අවස්ථාව සඳහා 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 231 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, 11 (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ බලඇණියේ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම අභිනවාරාම විහාරස්ථානයේ පැවති මෙම පුජා පිංකම සඳහා "මහා සංඝරත්නය", පරිත්යාගශීලීන් සහ කෙවිලියාමඩුව ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව රැස්ව සිටියහ.