Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 08:47:00 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති නැගෙනහිර නාවික විධානය වෙත සිය පළමු නිල සංචාරය සිදුකරයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි (නැගෙනහිර) ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු නැගෙනහිර නාවික විධානය වෙත පැමිණී ප්‍රථම නිල සංචාරයේදි නැගෙනහිර නාවික විධානය විසින් ආඥාපති උණුසුම් ලෙස පිළිගනු ලැබීය. නැගෙනහිර නාවික ප්‍රදේශ ආඥාපති, රියර් අද්මිරාල් දම්මික කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී සිකුරාදා (පෙබරවාරි 10) දින ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි මහතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

අනතුරුව පැවති හමුවේදී නැගෙනහිර නාවික ප්‍රදේශයේ ආඥාපති සහ ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිවරයා විසින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර නැගෙනහිර ප්‍රදේශයේ ආරක්ෂාව සහ ඊට අදාළ අනෙකුත් කරුණු පිළිබඳවද සාකච්ඡා කරන ලදී. නැගෙනහිර ප්‍රදේශය වෙත නවතමයෙන් පත් වූ යුධ හමුදා සහ නාවික හමුදා ආඥාපතිවරුන් අතර පැවති පළමු නිල සාකච්ඡාව ද මෙය විය.

ඉන් අනතුරුව මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි¸ ශ්‍රී ලංකා නාවික හමුදා අධිකාරිලත් නෞකාවක් වන සාගර නෞකාව වෙත සහ ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික හමුදා විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. යුධ හමුදාව සහ නාවික හමුදාව අතර සහයෝගීතාවය සහ සුහදත්වය සංකේතවත් කරමින් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සහ නැගෙනහිර නාවික ප්‍රදේශ ආඥාපති අතර සමරු තිළිණ හුවමාරුවක් සමඟින් සුහද හමුව අවසන් විය.