Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th August 2023 12:39:24 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ධූරයෙන් නික්ම යයි

නික්ම යන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ‍‍‍ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙත හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් පිරිනමනු ලැබුවේ ආරක්ෂක සේනා (නැගෙනහිර) මුලස්ථාන පරිශ්‍රයේ පැවති විධිමත් සමුගැනීමක් අතරතුරදීය.

නැඟෙනහිර ආඥාපතිගේ සම්ප්‍රාප්තියත් සමග, පිවිසුම් දොරටුව අසල දී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් ආරක්ෂක සේනා (නැගෙනහිර) සරඹ භූමියේදී පවත්වන ලදී. අනතුරුව, 2023 අගෝස්තු මස 11 වන දින ඔහු සිය කාර්යාලයේ ලිපි ලේඛන භාරදීම සඳහා අත්සන් තබා, මතකයේ සංකේතයක් ලෙස, ආරක්ෂක සේනා (නැගෙනහිර) පරිශ්‍රයේ දී සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය.

තවද, නික්ම යන නැගෙනහිර ආඥාපතිවරයා ආරක්ෂක සේනා (නැගෙනහිර) භටපිරිස් අමතමින්, තම සේවා කාලය තුළ තමන් වෙත ලබා දුන් නොමසුරු සහය සහ සහයෝගය වෙනුවෙන් සියළුම නිලයන් වෙත ස්තුතිය පුද කළේය. ඔහුගේ පත්වීම අත්හැරීම සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක සේනා (නැගෙනහිර), 22 පාබල සේනාංකය සහ 24 වන පාබල සේනාංකය වෙතින් ඔහුට සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. එදින සවස නික්මයන නැගෙනහිර ආඥාපතිවරයා වෙත සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලද අතර, මෙම ආරක්‍ෂක සේනා මූලස්ථාන නිළධාරි නිවස්නයේදී ඔහු වෙත ඔහුගේ ධූර කාලය තුළ දැක්වූ ආදර්ශමත් නායකත්වය වෙනුවෙන් සිහිවටනයක් ලෙස සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 22, 23 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ ආරක්ෂක සේනා මූලස්ථානයේ අනෙකුත් නිලයන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.

නැඟෙනහිර ආඥාපතිවරයා, නව පත්වීම සඳහා සමුගැනීමට දින කිහිපයකට පෙර, 2023 අගෝස්තු 10 වන දින, පූනානි හි 23 වන පාබල සේනාංකයෙහි සංචාරයක් සිදුකල අතර , 23 වන පාබල සේනාංකයෙහි සේනාංකාධිපති, බ්‍රිගේඩියර් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ‍‍‍ජ්‍යෙෂ්ඨ නිළධාරී, සහ සියලුම නිලධාරීන් විසින් නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ‍‍‍ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, පසුකර යාමේ කදවුරු මුරයකින් ඔහුගේ පැමිණීමට ආචාර කරන ලද අතර පසුව ඔහු 23 පාබල සේනාංකය යටතේ භට පිරිස් ඇමතීය. එසේම 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් නැගෙනහිර ආඥාපති වෙත භට පිරිස් ඇමතීමේදී සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

එදිනට මතකයන් එක් කරමින් නික්ම යන නැගෙනහිර ආඥාපතිතුමාට සේනාංක පරිශ්‍රයේ පැළයක් සිටුවා සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට ආරාධනා කරන ලදී. සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් නික්ම යන ආඥාපතිතුමාට ගෞරව දැක්වීම සඳහා 23 වන පාබල සේනාංකයේ නිලධාරී නිවස්නයේ සමුගැනීමේ දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. ආඥාපතිතුමන් පිටත්ව යාමට පෙර, සේනාංකාධිපති ඇතුලු 23 වන පාබල සේනාංකයට අයත් සියලු භටපිරිස් රාජකාරී සදහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් 23 වන පාබල සේනාංක අමුත්තන්ගේ පොතෙහි ප්‍රශංසාත්මක වදන් කිහිපයක් සටහන් කලේය.