Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd July 2022 21:53:04 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමන් 23 වන පාබල සේනාංකයේ සංචාරය කරයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් ආර් පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 ජුනි 27 වන දින 23 වන පාබල සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස් කේ ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආඥාපති තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

එම සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිළධාරීන් හඳුන්වා දීමෙන් අනතුරුව ආඥාපතිතුමා විසින් මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට 'අඹ' පැළයක් රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් බළඇණිවල කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කිරිමෙන් පසු එම කොට්ඨාශයට අදාළ ආරක්ෂක සහ පරිපාලන ගැටළු පිළිබඳව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමන් විසින් සාකච්ඡාවක් පවත්වන ලදී.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමන් භඨපිරිස් අමතමින් නිළධාරීන් සහ සෙසුනිළයන් සහයෝගිතාව වර්ධනය කර ගනිමින් රාජකාරි කරන ලෙස අවධාරණය කළ අතර, සෑම නිලයකම ඉහළම විනය පවත්වා ගනිමින් යුද හමුදාවේ ප්‍රතිරූපය ආරක්ෂා කරමින් රාජකාරි කරන ලෙසටද අවධාරණය කරන ලදී.

භඨ පිරිස් ඇමතීමෙන් පසු සියලු නිළයන් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගි වු අතර, එහිදි සිය වටිනා අදහස් නිළධාරීන් සමග බෙදා ගැනිමෙන් අනතුරුව අමුත්තන්ගේ පොතෙහි සිය සමරු සටහන සනිටුහන් කරන ලදි.