Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th March 2023 20:32:11 Hours

ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති උඩුමහල් සදහම් මන්දිරය සහ උමං ලෙන් කෞතුකාගාරය සඳහා සුබ මොහොතින් මුල්ගල තබයි

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් සංඝ රත්නයේ ආශිර්වාදය සහ පිරිත් සජ්ජායනා මධ්යේ පොලොන්නරුව, 04 ඇළ, ශ්‍රී බොධිරුක්කාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන උඩුමහල් සදහම් මන්දිරය සහ උමං ලෙන් කෞතුකාගාරය සඳහා මුල්ගල තැබීම 2023.03.09 වන දින පෙ:ව 09.25 යෙදුන සුබ මොහොතින් සිදු කරන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවු අතර 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි, ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් රජීව් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ප්‍රභාත් හල්පගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, පොලොන්නරුව දිසාපති ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ දායක දායිකාවන් විශාල පිරිසක්ද සහභාගී වූහ.