06th February 2025 09:40:33 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) - මේජර් ජෙනරාල් පිආර් පතිරවිතාන යුඑස්ඒඩබිලිවිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, 2025 ජනවාරි මස 31 වන දින අම්පාර, 24 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
මේජර් ජෙනරාල් රවී පතිරවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සපැමිණි අවස්ථාවේදී 24 වන පාබල සේනාංකයෙහි සේනාංකාධීපති මේජර් ජෙනරාල් එච්සීඑල් ගලප්පත්ති ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ සියලුම නිලධාරීන් විසින් අඥාපති තුමන්ව උණුසුම් ලෙස පිලිගන්නා ලදි. යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, කදවුරු සම්මාන මුරය මගින් ආඥාපති හට ආචාර කරන ලද අතර,සේනාංකයේ සියඵ නිලධාරින් සමග සමුහ ඡායාරූපයකට පෙනිසිටියහ. අඥාපති තුමන්ගේ පැමිණිම සනිටුහන් කිරිම වෙනුවෙන් කඳවුරු පරිශ්‍රය තුල පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව ආඥාපතිතුමන් විසින් 24 පාබල සේනාංකය යටතේ රාජකාරි සිදුකරනු ලබන භට පිරිස් ඇමතීය. 24 වන පාබල සේනාංකයේ අධීක්ෂාණය යටතේ ඉදිකෙරෙමින් පවතින දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්යාපෘතියේ ප්‍රගතිය සිය සංචාරයේ දී ආසේමු (නැ) ආඥාපතිවරයා විසින් නිරීක්ෂණය කරණ ලදි.