?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th July 2025 18:27:42 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 23 වන පාබල සේනාංකයේ මංගල සංචාරයක නිරත වේ.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී නව ආඥාපති ලෙස සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2025 ජුනි 29 වන දින පූනානි හි ස්ථාපිත 23 වන පාබල සේනාංක මූලස්ථානයේ සිය පළමු සංචාරය සිදු කළේය.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් නව ආඥාපති මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී උණුසුම් ලෙස පිළිගත්හ. හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පසුකරයාමේ සම්මාන මුරයක් පිරිනමන ලද අතර පසුව සංචාරයේ මතක සැමරුමක් ලෙස සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ආඥාපතිතුමන් හට එම පරිශ්‍රයේ පැළයක් සිටුවීමට සේනාංකාධිපතිතුමන් විසින් ආරාධනා කරන ලදී. පසුව භටපිරිස් අමතමින් ඔහුගේ ඉදිරි දැක්ම පිලිබද අවධාරනය කරමින් සෙබලුන්ගේ විනය ඉතා ඉහල මට්ටමක තබාගනිමින් නිති විරෝධී ක්‍රියාවන්ට හසු නොවි යුද්ධ හමුදාවේ ප්‍රථිරූපයටද හානි නොවන ලෙසද රාජකාරී කලයුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කළ සිටියේය.

මෙම සංචාරය අතරතුර 23 වන පාබල සේනාංක බලප්‍රදේශය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සේනාංකාධිපති විසින් ඉදිරිපති කල අතර එහි අඛණ්ඩ මෙහෙයුම්, පරිපාලන කටයුතු සහ සිවිල්-හමුදා සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර කරන ලදී.

සංචාරය අවසන් කිරීම සඳහා ආඥාපතිතුමන් විසින් අමුත්තන්ගේ පොතේ සිය අදහස් ප්‍රකාශ කරන ලදී.

සිය නිල සංචාරයට අමතරව ආඥාපතිතුමන් පූනානි ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලකට නවතමයෙන් ඉදිකරන ලද නිවසක් උත්සවාකාරයෙන් භාරදීමේ උත්සවයට ද සහභාගී වූ අතර, එය ප්‍රජා සුභසාධනය සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.