Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th August 2022 10:01:39 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 22 වන පාබල සේනාංකයේ සංචාරක නිරත වෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් ජි ආර් ආර් පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 අගෝස්තු මස 18 සහ 19 යන දිනවල 22 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත විය. පළමු දිනයේදි බුද්ධි සාකච්ඡාවක් 22 වන පාබල සේනාංකය ත්‍රිකුණාමලයේදි පැවැත් වු අතර භට පිරිස් ඇමතිම 221 වන පාබල බළසේනාවේ දි පැවැත් විය.

තවද , ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 2022 අගෝස්තු 19 වන දින 222 වන පාබල බළසේනාව සහ 223 වන පාබල බළසේනාවේ භඨපිරිස් ඇමතිමක්ද සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ් එම් ඩබ් බි ආර් එස් පි අලුවිහාරේ ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී සමග 22 වන පාබල සේනාංකයට අයත් බළසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරීන්, 7 වන හමුදා බුද්ධි බළකායේ අණදෙන නිළධාරී ඇතුළු බුද්ධි නිළධාරීන් හා සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.