Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th July 2025 18:51:05 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 22 වන පාබල සේනාංකයේ මංගල සංචාරයක නිරත වේ

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී නව ආඥාපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු 2025 ජූලි 03 සහ 04 යන දිනවල ත්‍රිකුණාමලයේ පිහිටි 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සිය පළමු සංචාරය සිදු කළේය.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩී.එල්.එස්. ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු සියලුම නිලධාරීන් විසින් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් පිරිනමමින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

මෙම සංචාරය සිහිපත් කිරීම සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමන් හට පරිශ්‍රයේ පැළයක් සිටුවීමට ආරාධනා කල අතර, පසුව භටපිරිස් අමතනු ලැබීය. 22 වන පාබල සේනාංක බලප්‍රදේශය පිළිබඳව සේනාංකාධිපති විසින් සවිස්තරාත්මක විස්තරයක් බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම සංචාරය අතරතුර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ද හමුවී රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

ඉන් අනතුරුව ආඥාපතිතුමන් සේරුවාවිල මංගල රජමහා විහාරයේ සහ කෝනේෂ්වරම් කෝවිලේ ආගමික වතාවත් සඳහා සහභාගී විය.

තවද සිරිමංගලපුර ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලකට නවතමයෙන් ඉදිකරන ලද නිවසක් භාරදීමේ උත්සවයට ආඥාපතිතුමන් සමඟ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. පසුව අමුත්තන්ගේ පොතේ තම අදහස් කිහිපයක් සටහන් කරමින් සංචාරය නිමාකෙරිණි.