Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th October 2022 11:42:04 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) 73 වැනි සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් සිදු කරයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මාර්ගෝපදේශ හා අධීක්‍ෂණය යටතේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසුනිළයින් 73 වැනි සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරන ලදී. ආරක්‍ෂක සේනා (නැගෙනහිර) කඳවුරු පරිශ්‍රයේදී සිදු කරන ලදී.

2022 ඔක්තෝබර් මස ඉරිදා (09) දින සවස කඳවුරු පරිශ්‍රයේ පිහිටි විහාරස්ථාන භූමියේදී භඨපිරිස් වෙත ආශිර්වාද කිරීම "බෝධි පුජා පිංකම" පැවැත්විණි. 2022 ඔක්තෝබර් සඳුදා (10) දින පෙරවරුවේ වැලිකන්ද මූලස්ථාන පරිශ්‍රයේදී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා ධජය එසවීමෙන් අනතුරුව යුධ හමුදා ගීතය ගායනා කරන ලදී. අනතුරුව, මාතෘභූමිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාග කළ සියලුම රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබූ අතර 73 වැනි යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය මාණ්ඩලික නිළධාරි 1 (පාලන), ලුතිනන් කර්නල් ලාල් ප්‍රේමචන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් දැනුවත් කරන ලදි.

අනතුරුව, භඨපිරිස් විසින් වැලිකන්ද "වාළුකාරාමය" විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන අතර, කඳවුරේ සිටින සියලුම නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගීත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී. පස්වරුවේ ක්‍රිකට් තරඟයක් පවත්වා ජයග්‍රාහී කණ්ඩායම සහ තරඟයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් සඳහා "ත්‍යාග පිරිනැමීම", බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සුරතින් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන බ්‍රිගේඩියර් (පාලන භකාස) බ්‍රිගේඩියර් ජගත් වීරකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.