Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th November 2022 09:56:51 Hours

ආරක්ෂක සේනා නැගෙනහිර 24 වන ආඥාපති රාජකාරි අරඹයි.

ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 .11.14 දින ආගමික ආශිර්වාද ලබා ගනිමින් වැඩ භාර ගන්නා ලදී.

ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලබන අතර ඇතුල්වීමේ දොරටුව අසලදී කදවුරු සම්මාන මුරයක් සහ පෙළපාළි චතුරශ්‍රයේ ගෞරව මුර පෙළපාලියකින් උපහාර පිරිනමන ලදි. ඉන් අනතුරුව මහා සංඝරත්නය විසින් පවත්වන ලද ආගමික කටයුතු සහ විශේෂ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ආඥාපති තුමන් පත්වීම් භාර ගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් කරන ලදී. ඉන් අනතුරුව පැළයක් සිටුවීම සහ සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී.

අනතුරුව නව ආඥාපති තුමන් වෙත සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් පසු භට පිරිස් ආමන්ත්‍රණයෙන් දවසේ කටයුතු අවසන් වන ලදි. 22,23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, පාබල බලසේනාවන් හි බළසේනාධිපතිවරුන්, බ්‍රිගේඩියර් පරිපාලන භකාස, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.