Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th May 2022 12:41:19 Hours

ආරක්ෂක සේනා නැගෙනහිර 23 වන ආඥාපති රාජකාරි අරඹයි

ආරක්ෂක සේනා නැගෙනහිර 23 වන ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 මැයි මස 06 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.

නව ආඥාපති තුමන් මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු මුරයකින් පිළිගත් අතර සරඹ භුමියේදි 4 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.

ඉන් අනතුරුව නව ආඥාපති විසින් එක්ව වැඩ කිරිමේ වැදගත්කම ආයතනයේ සුභ සිද්ධියට ඉවහල් වන ආකාරය පිළිබදව දැනවත් කරමින් භඨපිරිස් ඇමතීමක් කරන ලදි. ආඥාපති ආසේ (නැ) තනතුරේ රාජකාරි භාරගැනිමට පෙර මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි 57 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකරන ලදි.

මෙම උත්සවය සදහා සේනාංකාධිපති වරුන්, ඉනපෙ(නැ)ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගි වන ලදි.