Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th November 2022 15:01:01 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) 19 වැනි සංවත්සරය සමරයි

2022 ඔක්තෝබර් 27 හා 30 දිනයන්හි දි විශේෂ වැඩසටහන් කිහිපයක් සමඟින් ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) 19 වන සංවත්සරය සමරනු ලැබිය.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගිත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය සේවයේ නියුතු නිලධාරීන් සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව 2022 ඔක්තෝබර් 27 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) වෙත සෙත් පතා විශේෂ බෝධි පුජා පිංකමක් හා 28 වන දින උදෑසන පූජනීය සෝමාවතිය විහාරස්ථානය වෙත කිරි ආහාර පූජාවක් පවත්වා දහවල් කාලයෙදි ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) කදවුර තුලදි මහා සංඝරත්නය උදෙසා දහවල් දානය හා පිරිකර පුජාකරන ලදි.

ඒ අනුව සංවත්සර දිනය වන ඔක්තෝබර් 30 වන දින උදෑසන වැඩසටහන් වලින් අනතුරුව, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සියලුම නිලධාරීන් වෙත සෙසු නිලයින් දිවා භෝජන සංග්‍රහයෙන් සංවිධානය කර තිබු අතර මේ හදහා 50 දෙනෙක් පමණ සහභාගි විය. ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) සේවයේ නියුතු සිවිල් සේවා මහතුන් වෙත බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරින් විසින් වියළි සලාක මලු බෙදා දීම සිදු කල අතර සංවත්සර උත්සවයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් සන්ධ්‍යාවේ මූලස්ථාන පරිශ්‍රයේ දී උත්කර්ෂවත් සංගීත සංදර්ශනයක් ද පැවැත්විණි.