?
23rd July 2025 14:11:07 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2025 ජුලි මස 21 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළඇණියේ 8, 11 සහ 16 බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කළේය.
බලඇණි අණදෙන නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර භඨපිරිස් විසින් පිවිසුම් දොරටුව අසලදී කදවුරු මුරයක් පිරිනමන ලද අතර, ආඥාපති විසින් මාණ්ඩලික නිලධාරීන් සහ ඒකක අණදෙන නිලධාරීන් හදුනා ගන්නා ලදී. තිරසාරභාවය සංකේතවත් කරමින් සෑම බලඇණි මූලස්ථානයකම ගස් රෝපණය කළ අතර, ඒකකයන්හි අණදෙන නිලධාරීන සහ නිලධාරීන් සමඟ කණ්ඩායම් ඡායාරූප සඳහා පෙනී සිටියේය.
අණදෙන නිලධාරීන් විසින් බලඇණිවල ක්‍රියාත්මක වන මෙහෙයුම්, පරිපාලන සහ සුභසාධන ක්‍රියාවලීන් පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් පුළුල් මෙහෙයුම් සහ පරිපාලන විස්තර ඉදිරිපත් කරමි. ආඥාපති තුමාගේ අදහස් බලඇණි තුනෙහි අමුත්තන්ගේ පොත්වල සටහන් කලේය
ආඥාපති තුමා විසින් බලඇණි තුන යටතේ සේවය කරන භට පිරිස් වෙන වෙනම අමතමින්, ඔවුන්ගේ අඛණ්ඩ සේවය සඳහා දිරිගැන්වීම සහ අගය කිරීම ප්‍රකාශ කළේය. මෙම සංචාරය සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) හි බ්‍රිගේඩියර් ස්වේච්ඡා සම්බන්ධීකාරක සහ ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) හි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.