Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd September 2022 09:19:52 Hours

ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) 231 සහ 233 පාබල බලසේනා වෙත සංචාරයක නිරත විය

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 සැප්තැම්බර් 20 වන දින 23 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 231 වන පාබල බලසේනා මූලස්ථානය සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) ප්‍රථමයෙන් 6 වන ගජබා රෙජිමේන්තුවේ වෙත පැමිණි අතර 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජනක රණරාජා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආඥාපති පිළිගන් අතර ඉන් පසුව ආඥාපති විසින් භට පිරිස් අමතමින් මනා වෘතිය පුහුණුව හා සියලු නිළයන් අතර විනය ඉහල මට්ටමක පවත්වා ගනිමින් තම කාර්යන් කරගෙන යාම පිළිබඳව අවධාරණය කරන ලදී.

ඉන් අනතුරුව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 231 වන පාබල බලසේනා මූලස්ථානය වෙත පැමිනි අතර එහිදි 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආඥාපති පිළිගන් අතර. මෙහිදි ආඥාපති භට පිරිස් අමතමින් පිරිස්වල පරිපාලන, සුබසාධන පියවර සහ අවශ්‍යතා පිළිබඳ කරුණු ආඥාපති විසින් අවධාරණය කරන ලදී.

මෙම සංචාරය සදහා ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග, 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර , 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුඵ, නිළධාරි හා සෙසු නිළයින් සහභාගි විය.