?
06th January 2026 14:50:37 Hours
2026 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ආරක්ෂ සේනා (නැගෙනහිර) මුලස්ථානයයේදි පසුගිය ජනවාරි මස 01 දින උදෑසන සම්ප්‍රදායානුකූලව උත්සවයන් පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ආරක්ෂ සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සියලු උත්සව කටයුතු සිදුකරන ලදි.
නව වසර උදාව සනිටුහන් කරමින් ප්‍රථමයෙන්ම කිරි ඉතිරිමෙන් අනතුරුව නව වසරට සුභාශින්සන නිලධාරි, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන් වෙත පිරිනමන ලදි. ජාතික ධජය සහ ආසේමු (නැ) ධජයන් ඔසවා සියලු නිලයන් විසින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් හා පසුව, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම හා යුද්ධ හමුදාපති තුමාගේ නව අවුරුදු පණිවිඩය කියවිම සිදුකෙරිණි.
ආඥාපතිතුමන් විසින් නිලධාරින්, භඨපිරිස් හා සිවිල් සේවක මහතුන් ආමන්ත්‍රණය කරමින් 2026 නව වසර සඳහා සුබ පැතුම් සිදුකරන ලදි. අනතුරුව උත්සවයේ සමාප්තිය ලෙස ආරක්ෂ සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත් වු අතර එහිදි පසුගියදා ඇතිවු ආපදා තත්වය හෙතුවෙන් පිඩාවට පත් මෙම අසේමු (නැ) රාජකාරි කරනු ලබන සෙබලුන් සහ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් වියලි සලාක මළු බෙදා දිමක් ද සිදුකරන ලදි. ඉන් පසුව සියළු නිලයන් සමඟින් සුහද පිළිසඳරක නිරතවිය.