Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th September 2023 10:49:36 Hours

ආඥාපති ආසේ(නැ) 4 ගැහේබ බලඇණි පුහුණු පාඨමාලාවේ ආරම්භක දේශනයට සහභාගී වෙයි

4 වන බළඇණිය ගැමුණු හේවා බළඇණිය විසින් 2023 සැප්තැම්බර් මස18 දින පූනානි බළඇණි පුහුණු පාසලේදී බළඇණි පුහුණුව ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි වූ අතර ආරම්භක දේශනයද පවත්වන ලදී. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා සෙබළෙකු ලෙස මෙම පුහුණුවේ වටිනාකම භට පිරිස් වෙත අවධාරණය කළේය. එමෙන්ම පුහුණුවීම් කටයුතු සාර්ථක කර ගැනීමට සහභාගී වූ සියලුම දෙනාට සුබ පැතුම් එක් කළේය.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සුපරික්ෂාකාරී අධීක්ෂණය යටතේ මෙම සාමූහික පුහුණුව 2023 සැප්තැම්බර් මස 18 දින සිට 2023 නොවැම්බර් මස 06 දින දක්වා වැඩ කරන දින 45 ක් පුරා 4 වන ගැමුණු හේවා බළඇණියේ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලැබේ.

මේ සදහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී, ප්‍රධාන උපදේශක බළඇණි පුහුණු පාසල පූනානි ලුතිනන් කර්නල් ඊඩිටිපිඊ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟ උපදේශකවරුන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, 4 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී සහ භට පිරිස් මෙම ආරම්භක දේශනය සඳහා සහභාගී වූහ.