Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd May 2024 21:59:38 Hours

ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) 232 පාබල බලසේනාවෙහි සංචාරයක් කරයි

ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) ලෙස නවතමයෙන් වැඩභාරගත් මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්පී යූඑස්පී පීඑස්සී යන ජෙයෂ්ඨ නිලධාරි 2024 අප්‍රේල් මස 29 වන දින 232 පාබල බලසේනා මූලස්ථානයේ නිල සංචාරය කරන ලදි. තවද වත්මන් ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) 232 පාබල බලසේනාවෙහි බලසේනාධිපති ලෙස එම ධුරයේ රාජකාරී කර ඇත.

232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිෙග්ඩියර් ආර් පී එස් ප්‍රසාද් ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන් අනතුරුව, ආඥාපති විසින් බලසේනාවේ සියලුම නිලයින් හදුනාගත් අතර, මෙම නිළ සංචාරය සනිටුහන් කිරීම සදහා ආඥාපති තුමන් විසින් පැළයක් ද රෝපණය කරන ලදී.

තවද මෙම සංචාරයේදී මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් සියලු නිලයින් ඇමතූ අතර, එහිදී ආඥාපතිතුමන් මෙම ජයග්‍රාහී හමුදාවේ සාඩම්බර සාමාජිකයින් ලෙස මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ විනය ඉහළම මට්ටමක පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. තවද, සෑම විටම වෘත්තීය හැකියාවන් උසස් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කමද ආඥාපති විසින් වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම 232 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් එම පාබල බලසේනාවේ කාර්ය භාරය හා ක්‍රියා පිළිවෙත පිළිබඳව ආඥාපති වෙත දැනුවත් කල අතර, අනතුරුව බලසේනාවේ ආරක්ෂාව සහ පරිපාලනමය ගැටළු පිළිබඳවද සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.